එජාප නායකත්ව අර්බුදය යට යයි! ඊළඟට සන්ධාන මහ ලේකම් අර්බුදයක්!

February 1, 2020 at 9:32 am | by emanisa.lk

එජාප නායකත්ව අර්බුදය මේ වන විට යටපත් වුවද එජාප සන්ධානායේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් රනිල්-සජිත් පාර්ශ්ව අතර අර්බුදයක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.

සන්ධාන මහ ලේකම් ධුරය සජිත් පාර්ශ්වයට ලබා දීමට කලින් එකඟ වී තිබුණ ද මේ වන විට ඊට විරෝධය පළ වී තිබේ.

එළඹෙන මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දීම ජාතික ලැයිස්තුව සැකසීම ආදී බොහෝ බලතල මහ ලේකම්වරයා වෙත පැවරීම මෙයට හේතුවයි.

සජිත් පාර්ශ්වය මේ සඳහා රංජිත් මද්දුමබණ්ඩාර යෝජනා කළ ද රනිල් පාර්ශ්වය ඒ සඳහා රවී කරුණානායක ඇතුළු නම් තුනක් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ.

පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී වජිර අබේවර්ධන මෙන්ම නවීන් දිසානායක ද යෝජනා කර ඇත්තේ සන්ධාන මහ ලේකම් ධුරය එහි ප්‍රධාන පක්ෂය වන එජාපයට හිමි විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස