එජාප තනතුරු වෙනසක්….! සභාපති වජිර…! මහ ලේකම් රංගේ…! උප නායක අකිල…! රවී නවීන් අර්ජුන ජොන්.. හැලේ…!

January 13, 2021 at 12:50 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.

ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන ද නව මහ ලේකම් රංගේ බණ්ඩාර ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.

අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර තිබේ. නායකත්වය වෙනස් කර නැති අතර රනිල් වික්‍රමසිංහ දිගටම රැඳී සිටී. නියෝජ්‍ය නායකයා රුවන් විජේවර්ධන ය.

එජාප හිටපු උප නායක රවී කරුණානායකට කිසිදු තනතුරක් පිරිනමා නොතිබීම විශේෂිතය. එසේ ම නවීන් දිසානායක, මර්වින් සිල්වා, අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග ද නොතකා හැර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *