රනිල් රජ කරවන ඊළඟ පොදු අපේක්ෂකයා ධම්මික පෙරේරා?

May 18, 2019 at 11:21 pm | by admin

එක්සත් ජාතික පෙරමුණ 2020 ජනාධිපතිවරණය සඳහා ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවටත් ඒ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බවටත් වාර්තා පළවෙයි.

මේ පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව ද එහදී ධම්මික පෙරේරා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ද වාර්තා වෙයි.

පොදුජන පෙරමුණෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන පසුබිමක ප්‍රතිවාදියා ලෙස රනිල්,කරූ, සජිත් ආදී කිසිවකුට ජයග්‍රහණය කළ නොහැකි බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

එහෙයින් 2015 ජනාධිපතිවරණයට මෙන් පොදු අපේක්ෂකයකු යොදවා ආණ්ඩු බලය අගමැති රනිල් වික්‍රමසිංහ යටතට ගැනීම සැලසුම වී තිබේ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා පොලිස්පති ඉවත් කළ නොහැකි තැනට දුර්වල කර ඇති නිසා ආණ්ඩුවේ බලය අගමැති රනිල් යටතට පත්වීම නොවැළැක්විය හැකිය.

මෙි අනුව ජනාධිපතිවරණයට ධම්මික පෙරේරා ඉදිරිපත් වී ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වනු ඇත.

ජනපති ධම්මික පෙරේරාට වෙනම දේශපාලන පක්ෂයක් හෝ මන්ත්‍රී පිරිසක් නොමැති නිසා ඔහු සම්පූර්ණයෙන් එජාප සිරකරුවකු වනු අැති අතර වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා දුර්වල කිසිදු බලයක් නැති හුදු නාමික ජනාධිපතිවරයකු වනු ඇත.

ධම්මික පෙරේරා බැංකු කිහිපයක ප්‍රමුඛ කොටස් හිමියාය. ටයිල් සමාගම් මෙන්ම සිංගර් සමාගම ද ඇතුළු සමාගම් ගණනාවක් ඔහුට හිමිය. එසේම ප්‍රමුඛ කැසිනෝ ශාලා හිමියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *