ජනාධිපතිවරණය ළංවෙමින් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සඳහා නැවතත් ප්‍රබල වෑයමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මීට මූලිකත්වය ගෙන ඇත්තේ එජාප – සජබ දෙපාර්ශ්වය සමග සමීප සම්බන්ධතා ඇති ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු බව සඳහන්ය.
මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන කඳවුරු තුනකට ඡන්ද බෙදීයාම තුළ කිසිවෙකුටත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පැවතීමත් එජාප – සජබ බෙදීම හමුවේ ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණීමේ අනතුරත් සලකා බලා ඔවුන් මෙම ප්‍රයත්නයට අත ගසා ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පවත්වා ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.