එජාපය වැටෙන සෑම අවස්ථාවක නැවත නඟා සිටුවන්නේ ජවිපෙ! – පියල් නිශාන්ත

July 13, 2019 at 9:56 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුධය තුළින් රටම අර්බුධයකට ඇඳ දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසයි. එක්සත් ජාතික පක්ෂය වැටෙන සෑම අවස්ථාවලදී නැවත නැගිටවීම සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එජාපය සමග එක්වී තමන්ට අහිමි වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින ජවිපෙ විශ්වාසභංගය පරාජය වූ පසු අගමැති රනිල්ට නොව ඊට සහාය දුන් මහින්දට බැණ වදින්නට පටන් ගෙන ඇතැයි ද පැවසීය.

අද (13) පිටිපන පැවති පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර අතර මෙහිදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පොදුජන පෙරමුණේ පාක්ෂිකත්වය ලබා ගැනීම ද සිදුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස