එජාපය බලය හොබවන පළාත් පාලන ආයතන 21ක බලය පොහොට්ටුවට!

March 24, 2019 at 6:18 am | by admin

එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 21 ක බලය පෙරළා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ලැබූ පළාත් පාලන ආයතන 21 ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව බලය පිහිටුවා තිබේ.

ඒ ආකාරයට හම්බන්තොට නගර සභාවේ බලය ශ්‍රීලනිපය පිහිට වූ අතර තංගල්ල හා කටුනායක – සීදුව නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂය පිහිටවීය.

එම ආයතනවල බලය පෙරළා දැමීම මූලික පියවර ලෙස කළ යුතු බවද පොදුජන පෙරමුණේ නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දී ඇත. මෙම කරුණු ඉටුකිරීම ශ්‍රීලනිපයේ කැපවීම පෙන්වන කරුණක් බව පොදුජන පෙරමුණු නියෝජිතයන් එහිදී පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස