එජාපය නැවතත් බුදු දහම වැළඳ ගනී! 25 වසරකට පසු පන්සිල් සමාදම් වෙයි!

January 4, 2020 at 1:45 pm | by emanisa.lk

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමෙන් පසු පැවති පළමු එජාප මන්ත්‍රී හමුව ආරම්භ වීමට පෙර පන්සිල් සමාදම් වී තිබේ.

මෙහි සුවිශේෂත්වය වන්නේ පසුගිය අවුරුදු 25 පුරාම රනිල් වික්‍රමසිංහ එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කර තිබීමය.

කෙසේ වුවද විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලැබීමෙන් පසු පැවති පළමු රැස්වීම පන්සිල් සමාදම් වී ආරම්භ කර තිබේ.

අනතුරුව පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සහ පක්ෂය වෙනුවෙන් සේවය කළ පිරිස වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස