එජාපය දෙකට බෙදිලා! මහ ඡන්දෙන් දිනවන්න බෑ! මට නායකත්වය එපා! – කරූ

November 25, 2019 at 9:28 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීම කතානායක කරූ ජයසූරිය ප්‍රතික්ෂේප කර තිබේ.

එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කතානායකවරයා හමු වී කිහිප විටක් පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස ඉල්ලා තිබේ.

රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පක්ෂයට ඉතාම හානිකර බව පවසා ඇති කරූ ජයසූරිය මහා මැතිවරණයක් අබියස දෙපසට වී චෝදනා කරගන්නා පාක්ෂිකයන් සමග පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව පවසා තිබේ.

මේ අවස්ථාවේ තමන් නායකත්වය භාරගතහොත් එය ද කඩාකප්පල් කිරීමට පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් එහෙයින් රනිල් සජිත් දෙපාර්ශවය සාකච්ඡා කර තීන්දුවක් ගැනීම යහපත් බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අතර හිටපු අගමැති දි.මු. ජයරත්නගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද කරූ ජයසූරියගෙන් ඉල්ලා ඇත්තේ කතානායක ධුරයේ දිගටම කටයුතු කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස