එජාපය ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට සූදානම්?

February 18, 2019 at 2:05 am | by admin

එළඹෙන අයවැය අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැය ශීර්ෂ පරාජය කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වෙයි. එජාප පසුපෙළ විසින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමට මුලින්ම ඉදිරිපත් කළ මෙම යෝජනාව අනතුරුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන පූර්ව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡාවට ලක් කර තිබේ.

ඔක්තෝබර් 26 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම ඇතුළු ජනාධිපතිවරයා දිගින් දිගටම එජාපයට එරෙහිව එල්ල කරන ප්‍රහාර මාලාව මේ සඳහා හේතු වී තිබේ. මෙම යෝජනාවට ඇතැම් කැබිනට් ඇමතිවරු සහයෝගය පළ කර ඇති අතර ඇතැම් ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ නායක ධුරයට එහා ගිය භූමිකාවක් ජනාධිපතිවරයා සිදු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *