එජාපය ඡන්දෙට එන්නේ අලියා ලකුණින්! දුරකතනයෙන් ඉල්ලන්න අපි සූදානම් නෑ! – අකිල

March 5, 2020 at 7:20 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසිය.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (04) පස්වරුවේ පැවැත්විණි.

රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මෙලෙස අදහස් පළ කළේ ය.

”අද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අද තීරණය කරනු ලැබුවා පක්ෂය බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුයි කියලා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි බලවේගය අතර අවබොධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් තීරණය කරනු ලැබුවා ඔවුන් සමග සාකච්ඡා කරළා.

ඒ වගේම අද දිනයේදී නාම යෝජනා මණ්ඩලයක් පත්කරනු ලැබුවා. විශේෂයෙන්ම පක්ෂනායකතුමත්, නියෝජ්‍ය නායකතුමත් ඒ වගේම උපනායකතුමත්, මහ ලේකම්වරයත්, ජාතික සංවිධායකත්, කබීර් හෂීම් මැතිතුමත් ඒ වගේම රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් යුතුව.

එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බලවේගය සන්ධානයක් විදියට ස්ථාපිත කරන්න. දැන් වර්තමානයේදී සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම එය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කරල තියෙනවා. ඒ පිළිබඳව අද හැම දෙනාගේම අවධානය යොමු වුණා.

මෙතන ගැටළුව තියෙන්නේ, තව ප්‍රශ්නයක් උදාවෙලා තියෙන්නෙ මේ සන්ධානය දුරකථනයෙන් තරඟ කළ යුතුයි කියන දේ තමයි මෙම අයගේ අදහස වුණේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය දුරකථනයෙන් තරඟ කිරීම අනුමත කරේ නැහැ.

මැතිවරණ කටයුතු වෙන්නේ නාමයෝජනා මණ්ඩල සකස් කරන්නේ මේ සියල්ල සමගි බලවේගය නමින් කළාට අලියා ලකුණෙන් තමයි තරග වදින්න තීරණය කලේ.

ටෙලිෆේන් එකෙන් ඉල්ලනවා නම් පක්ෂ සමාජිකත්වයෙන් අයින් වෙලා යනවා නම් මම නම් පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්නේ නෑ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස