එජාපය කවදාවත් ජාතිවාදී ආගම්වාදී වුණේ නෑ! විමල් මට චෝදනා කරලා රට අස්ථාවර කරනවා! – ඇමති අකිල

May 15, 2019 at 7:50 am | by admin

බුදු දහමින් පෝෂණය වූ ද, සෙසු ආගම්වල ඉගැන්වෙන යහපත් චින්තාවන්ගෙන් ද පොහොසත් වූ ආකල්පයන්ගෙන් යුත් විවිධාංගීකරණය වූ ජන සමාජයක් ගොඩ නැඟීම සිය අරමුණ බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වෙයි.

“කුලියාපිටිය ප්‍රදේශයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල පසුගිය දින කිහිපයක සිදු වූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මා වගකිව යුතු යැයි හැඟෙන අයුරින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් අශෝභන ප්‍රකාශයන් සිදු කරමින් සිටින්නේ තවදුරටත් මෙම සිදුවීම් දේශපාලනීකරණය කරමින් ජනතාව කුපිත කර රට අස්ථාවර කර ජන ජීවිතය අවුල් වියවුල් කර දැමීමට බව බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගනු ඇතැයි මම සිතමි.”

“එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් ජාතිවාදී, ආගම්වාදී අරමුණු මත හිඳිමින් ක්‍රියාත්මක වූ පක්ෂයක් නොවන බව සිහිපත් කිරීමට ද එහි මහ ලේකම්වරයා වශයෙන් මෙය අවස්ථාවක් කර ගන්නා අතර සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක් නිර්මාණය කරමින් බුදු දහමින් පෝෂණය වූ ද, සෙසු ආගම්වල ඉගැන්වෙන යහපත් චින්තාවන්ගෙන් ද පොහොසත් වූ ආකල්පයන්ගෙන් යුත් විවිධාංගීකරණය වූ ජන සමාජයක් තුළ සියල්ලන්ට ම එක්ව සිටින්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම අපගේ අරමුණ බවද අවධාරණය කරන්නෙමු.”

“විපක්ෂයේ කාර්ය භාරය සැම විටම විවේචනය කිරීම, කුමන්ත්‍රණ කිරීම, නොවන බවත්, ජාතිවාදය, ආගම්වාදය වැනි සංවේදී කරුණු සමඟ දේශපාලන දාදු ක්‍රීඩාවේ නියැලෙමින් ජන ජීවිත ව්‍යාකූල කිරීම මෙවැනි තීරණාත්මක අවස්ථාවක නොකළ යුත්තක් බවත් අවධාරණය කරමි.”
“මේ මොහොතේ කළයුතු වැදගත්ම කාර්යය වන්නේ සියල්ලන්ම එක්වී රට තුළ සාමයත්, ජන ජීවිතයේ අඛණ්ඩ භාවයත් වෙනුවෙන් කටයුතු කරමින් ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා කැපවීම පමණක් බව ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස