එජාපය කඩලා ශ්‍රීලනිපය හැදූ බණ්ඩාරනායකත් මැරුම් කෑවා! වෙඩි තිබ්බේ පිටස්තර අය නෙමෙයි තමන්ගේ පක්ෂයේ අයමයි! – රනිල්ගෙන් සජිත්ට අනතුරු ඇඟවීම්…..

July 25, 2020 at 11:54 am | by emanisa.lk

සමඟි ජන බලවේගය යනු සන්ධානයක් නොව මැතිවරණ කොමිසමේ ලියාපංදිචි වූ වෙනම දේශපාලන පක්ෂයක් බව අධිකරණය විසින් තහවුරු කර ඇති බැවින් එම බලවේගයේ සාමාජිකත්වය ගෙන ඇති පිරිස මැතිවරණයෙන් පසු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට විත් බලය අල්ලා ගැනීමට තැත් කළහොත් එය පොලීසියටත් එතැනින් අධිකරණයටත් යන කරුණක් වන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඩී.එස්., ඩඩ්ලි, ජෝන් කොතලාවල, ජේ.ආර්., ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංගගේ පක්ෂය බව පැවසූ රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය යනු වෙනත් පක්ෂයක් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නොවන වග අධිකරණ තීන්දුව විසින් තහවුරු වී ඇති බවත් පෙන්වා දුන්නේය.

මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයෙන් තේරී පත් වන අයට යළි එක්සත් ජාතික පක්ෂයට ඒමට නොහැකි බව අවධාරණය කළ ඔහු අධිකරණ තීන්දුව අනුව පක්ෂ දෙකේම සිටිය නොහැකි බව පැවසීය.

එජාපය එපා නම් වෙනත් පක්ෂයකට යා හැකි බවත් පරමාර්ථය එජාපය ආරක්ෂා කිරීම නම් පක්ෂයේ සාමාජිකයෙක් හැටියට ක්‍රියා කර පක්ෂයට ජන්දය දිය යුතු බවත් සඳහන් කළේය. එදා බණ්ඩාරනායක එජාපයෙන් ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගත් බවත් අන්තිමේදී ඒ පක්ෂයේ අයම ඔහු ඝාතනය කළ බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස