එජාපය අනාගත පරපුරේ මහා උරුමයක්! අපි දෙකඩ බෙදී කුළල් කා ගැනීම ඓතිහාසික වැරැද්දක්! – මංගල

March 3, 2020 at 12:12 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට මිල්ටරි රාජ්‍යයක් කරා ගෙනයමින් සිටින මොහොතක එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී ඇනකොටා ගැනීම අනාගත පරපුර විසින් කිසි දිනෙක සමාව නොදෙන ඵෙතිහාසික වැරැද්දක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීි මංගල සමරවීර අවධාරණය කරයි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට ඇතැමුන් දරන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු විසින් නිකුත්කර ඇති වීඩියෝවක මේ බව සඳහන් වේ.

බොරු පොරොන්දු දෙමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව දින 100ක් තුල ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් මුළුමනින්ම කඩකර ඇතයි පවසන මංගල සමරවීර එවැනි අවස්ථාවක රට යලි නිවැරදි මාවතට ගෙන එ්ම එක්සත් ජාතික පක්ෂයේ වගකීමක් බව අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභයගේ හා රාජපක්ෂ පවුලේ උවමනා එපාකම් ඉටුකරන කිසියම් පිරිසක් එජාප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව පවසන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදී ගත් තීන්දු තීරණ ප්‍රකාරව නව සන්ධානය ගොඩනැගීමට එජාපය පුර්ණ දායකත්ව ලබාදිය යුතු බවද අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය යම් පුද්ගලයකුගේ හෝ කල්ලියක දේශපාලන ව්‍යාපාරයක් නොව පාක්ෂිකයින්ගේ මෙන්ම අනාගත පරපුරේ දායාදයක් බව පවසන මංගල සමරවීර, මෙවැනි අවස්ථාවක තීරණාත්මක වන්නේ ලකුණ නොව අදාළ සන්ධානයේ ප්‍රතිපත්ති හා ඒ වටා සිටින පුද්ගලයින් කවුරුන්ද යන කරණය බව ද පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස