එජාපයේ ජනපති අපේක්ෂකයෝ 5යි! එක්කෙනෙකුට දෙන කොට 4ක් විරුද්ධයි! – මහින්දානන්ද

August 6, 2019 at 1:27 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව විශාල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එම පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයන් පස් දෙනෙකු සිටින බවත් ඒ අතරින් ජනාධිපති අපේක්ෂකත්වය එක් අයෙකුට දෙන විට හතර දෙනෙකු විරුද්ධ බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ නිසා එජාපය කොටස් පහකට කැඩීම අනිවාර්ය බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා තමන්ට එවැනි ගැටලුවක් නොමැති බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඊයෙත් අදත් හෙටත් ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස