එජාපයේ අපේක්ෂකයා කවුරු වුණත් පළුවක් ගෝඨාට සහාය දෙයි!

August 24, 2019 at 8:58 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඇමති සජිත් ප්‍රේමදාසට හිමි වුවහොත් රනිල් පාර්ශවය නියෝජනය කරන එජාපයේ ප්‍රබලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂට සහයා දෙන බවට දැනටමත් සහතික වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පවසයි.

එසේම එජාප ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහට හිමි වුවහොත් ඊයේ (23) මාතර වේදිකාවේ ඇමති සජිත් වෙනුවෙන් හඬ නැඟු එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහාය ගෝඨාභය රාජපක්ෂට හිමි වන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ෂකත්වය ලබා ගැනීමට කතානායක කරූ ජයසූරිය නුදුරේදීම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි ද ඔහු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස