එජාපයෙන් යන්නේ මෝඩයෝ කියලා කිව්වේ ප්‍රේමදාසමයි! මෝඩයෝ ගිය නිසා පක්ෂය ඩී.එස්. කාලේ වගේ පිරිසිදුයි!- රනිල්

July 5, 2020 at 11:13 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් ඔවුන් මෝඩයන් බව හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස පැවසූ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එජාප නායකයා මේ බව කියා ඇත්තේ වෙබ් අඩවියක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එහෙයින් පක්ෂය හැර දමා වෙනත් පක්ෂ අටවා ගත් තැනැත්තන් පිළිබඳව කතා කිරීම පලක් නොමැති කාරණාවක් බව ඔහු සඳහන් කරයි.

මීට පෙරද මෙලෙසම කණ්ඩායම් පක්ෂය හැර දමා ගියද නැවත ඔවුන්ට පක්ෂයට එකතුවීමට සිදු වූ අතර එම කිසිදු අවස්ථාවක පක්ෂයට හානියක් නොවුණු බවද වික්‍රමසිංහ කියාසිටියි.

එහෙයින් ගිය තැනැත්තන් සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවත් දැන් ඩී.එස්. සේනානායක සමයේ පැවති පිරිසිදු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගිය හැකි බවත් ඔහු පෙන්වාදෙයි.

ඉදිරියට සිය පක්ෂයට මුස්ලිම් කොංග්‍රසයේ හෝ දෙමළ ජාතික සන්ධානයේ හෝ වෙනත් පක්ෂවල සහය අවශ්‍ය නොවන අතර එක්සත් ජාතික පක්ෂයෙන්ම සෙසු ජාතික නියෝජනයද ගොඩනගන බව එජාප නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස