මෙවර මහා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය ඔස්සේ ඉදිරිපත් වී ඇති හිටපු එජාප මන්ත්‍රීවරුන් 54දෙනෙකුගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එසේම මෙවර මහා මැතිවරණය සඳහා පක්ෂයට සහය ලබා දීමට කටයුතු නොකිරීම මත පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කර තිබේ.