එජාපයේ ජනප්‍රියම අපේක්ෂකයා කියන සජිත් ජනාධිපතිවරණයට එවන්න! ගෝඨා නතර කරන්න යූඇන්පිය හතරවරම් ගසද්දී මහින්ද කියයි…

August 25, 2019 at 10:11 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්වන්නේ නම් තමන් ඊට කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

කෙසේ වෙතත් මේ යන විදිහට එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බව ඔහු පවසයි. සියලු දෙනාම රණ්ඩු වෙමින් නායකත්වයට පොරකන බවද ඔහු කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ අද (25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ‍‍

ආණ්ඩුවට ජනතාව හැමදාම රැවටිය නොහැකි බවත් මෙවර සුළු වාර්ගික ඡන්ද ද තමන් වෙත ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට මුහුණ දීමට ඉතාම හොඳන් සූදානම් වී සිටින බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස