එජාපයට හානි කළේ ගෝඨා මහින්ද නෙමේ සජිත්ලා! – වජිර

March 12, 2020 at 7:53 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරණයට පසු ඉල්ලා අස්නොවූයේ නම් අදත් මේ රටේ පවතින්නේ එජාප ආණ්ඩුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරණයට පසු 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුව විසිරුවිය නොහැකි බවත් ඒ මත පදනම්ව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස භාරකාර ආණ්ඩුවක් පවත්වාගනෙ යාමට සැලසුම් කළ බවත් හෙතෙම හෙළි කරයි.

එහෙත් රනිල් වික්‍රමසිංහගෙන් පළිගැනීමට පිරිසක් ඇමති ධුරවලින් ඉල්ලා අස්වී එම ආණ්ඩුව බිඳ දැමූ බවත් සඳහන් කළ වජිර අබේවර්ධන එජාපයට හානි කළේ වර්තමාන ජනපති අගමැති නොව එම පිරිස යැයි ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස