එජාපයට සුළු ජාතික ඡන්ද 80%ක් ෂුවර්! සිංහල ඡන්ද 40%ක් ගන්න එකයි අභියෝගය!

March 24, 2019 at 5:13 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණයේදී සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 80කට වැඩි ප‍්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය සතු බව අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ මාතලේ පිටකන්ද වත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.

එහිදී  “මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂය ඇතුළේ හොඳ සංවාදයක් ඇති කරගෙන තව වසර 06කට බලය තබා ගන්නා ආකාරයට කටයුතු කරනවා. සිංහල බෞද්ධ ඡන්ද 40%ක් අපිට ගන්න පුළුවන් නම් ජනාධිපතිවරණය අපිට දිනන්න පුළුවන්. සුළු ජාතික ඡන්ද 80%ක් 90%ක් අපිට එනවා. අපේ ඉලක්කය තිබිය යුත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් 40%ක් ගන්නේ කොහොමද කියලා.” යනුවෙන් සඳහන් කළේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නිර්මාණය වෙමින් ඇති බවත් එම දෙවන පිළට හොඳ හැකියාවක් ඇති බවත් විශ්වාස කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස