එජාපයට රට ගොඩගන්න බැරිවුණේ වෙන පක්ෂයක කෙනෙක් ජනපති කළ නිසායි! 2020 අපේම ජනාධිපති කෙනෙක් පත්කරගෙන අපි රට ගොඩනඟනවා! – චමින්ද විජේසිරි

June 23, 2019 at 1:53 pm | by emanisa.lk

2015 අප බලාපොරොත්තු වූ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර රට ගොඩනැඟීමට නොහැකි වූයේ සිය පක්ෂයේ අපේක්ෂකත්වය කැප කර වෙනත් පක්ෂයක නායකයෙක් ජනපති කළ නිසා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

එහෙයින් 2020 එජාප නායකයකු ජනපති අපේක්ෂකයා කිරීම අනිවාර්ය බව හෙතෙම පෙන්වා දෙයි. ඒ සඳහා සියලු එජාප නායකයන් එකතු විය යුතු බවත් රටේ ජනතාව ඉල්ලා සිටින නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත් එය තමන්ට කිසිසේත් අභියෝගයක් නොවන බවත් දැනට යෝජිත ඕනෑම එජාප අපේක්ෂකයකුට ගෝඨාභය පරාජය කළ හැකි බවත් ඔහුගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *