නිලධාරීන් වැඩ පෙන්වයි..! එක ව්‍යාපෘතියෙන් ලක්ෂ 960ක් පිල්ලි ගහල…! ඇමැති නියෝගයෙන් විමර්ශන ඇරඹෙයි…!

December 28, 2021 at 8:39 am | by emanisa.lk

පරිසර අමාත්‍යාංශය මගින් විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අවසානයේ ඉතිරි වූ රුපියල් මිලියන 96ක මුදලක් අතුරුදන් වීම පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

වසරක කාලයක් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය අවසන්වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

ව්‍යාපෘතියෙන් ඉතිරි වූ රුපියල් මිලියන 96ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කළ බවට ව්‍යාපෘතියේ නිලධාරීන් පැවසුව ද, එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවී නොමැති බව පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අනාවරණය වී තිබේ.

වහා ම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ මුදල් සම්බන්ධව නිදහසට කරුණු විමසා විමර්ශනයක් සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ඉන් අනතුරුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *