එක රටක් එක නීතියක් බලාත්මක කිරීමේ කාර්යයට රජය මුල පුරා තිබෙනවා…! – අගමැති…

January 26, 2021 at 5:04 pm | by emanisa.lk

එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යයට රජය මුල පුරා තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසඳා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහ ජනතාව යන අප සියලු අංශ එක්ව යල් පැනගිය ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් කටයුතු කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

“අප සැම විට ම විශ්වාස කරනවා, නීතිය සැමට සමාන විය යුතුයි කියලා. ඒ වගේ ම පුරවැසියාත් නීති ගරුක විය යුතුයි. තවත් පැත්තකින් අධිකරණවල සේවය ලබන පුරවැසියන්ට ඒ ආයතන ගැන බිය නැතිවිය යුතුයි.

මේ ප්‍රතිසංස්කරණයන් එක් රැයකින් නිමා කරන්න බැරි බව ඇත්ත. ඔබ ඇතුළු ජනතාව ඒ සත්‍ය තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට අප මුල පුරා තිබෙනවා. ඒ සදහා ගැලපෙන නීති පද්ධතියක් රට හමුවේ යාවත්කාලීන කිරීමට ඔබ ඇතුළු මෙම ක්ෂේත්‍රෙය් සියලු දෙනාගේ සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.”

ඊයේ (25) සෞභාග්‍යයේ දැක්මෙන් අධිකරණාභිමානයට අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස