එක මවකගේ දරුවෝ යන්න ඕන එකම පාසලකට! අරාබි සංස්කෘතිය ලාංකේය අප වැළඳගත යුතුද යන්න අප සංවාදයට ලක් කරනවා! – අලි සබ්රි

May 17, 2019 at 3:15 pm | by admin

තමන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මුස්ලිම් ප්‍රජාව බවත් පාස්කු ප්‍රහාරය දරාගත නොහැකිම පිරිස එම ප්‍රධාන ධාරාවේ මුස්ලිම් ප්‍රජාව බවත් ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා පවසයි. එහෙත් බොහෝ දෙනා දෙමළ භාෂාවෙන් සන්නිවේදන කටයුතුවල යෙදෙන නිසා එම ප්‍රධාන ධාරාවේ මුස්ලිම් ප්‍රජාවේ අදහස් සමාජගත නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

58, 71, 83, 88-89 කාලයට පසු නැවතත් රටට ව්‍යවසනයක් පැමිණ ඇති බව පෙන්වා දෙන අලි සබ්රි ඒ සඳහා සියලු දෙනා එකතු වී මුහුණ දිය යුුතු බවත් අවධාරණය කරයි. පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය මුස්ලිම් සමාජයක් ලෙස තමන් තරයේ හෙළා දකින බව පැවසූ ඔහු සමාජයක් ලෙස ඊට එරෙහිව කළ යුතු සියල්ල මේ වන විට කර ඇති බව ද පැවසීය.

පසුගිය වසර 25ක පමණ කාලය තුළ විවෘත ආර්ථිකය සහ මැදපෙරදිග සබඳතා නිසා මුස්ලිම් සමාජයට යම් යම් දෑ එකතු වී ඇති බවත් අරාබි සංස්කෘතික අංග අප එකතු කරගත යුතුද යන්න පිළිබඳ විවෘතව මුස්ලිම් සමාජය සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම පෙන්වා දෙයි.

එපමණක් නොව ජාතික ගීයේ එක මවකගේ දරු කැල බැවිනා කියා ගයන අප යා යුත්තේ එක පාසලකට බවද බෙදා වෙන් කිරීම සුදුසු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මද්රසා පාසල් පිළිබඳ පනතක් ඇති කර නියාමනයක් සිදු කළ යුතු බවත් එහි විෂය මාලාව, ගුරුවරු, සිසුන් සහ ඒ සඳහා මුදල් ලැබෙන මාර්ග සියල්ල නියාමනය විය යුතු යැයි තමන් පවසන බව ද මුහුණ වසාගෙන යන බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා ආණ්ඩුවට පෙර ජමියතුල්ලා උලමා සමාජය සිය සමාජයට තහනම් කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *