එක එකා බිරුවට ජැටිය ඉන්දියාවට දෙන එක දෙනවමයි….! ඊට පස්සේ කොළඹ ලොව 13 වෙනි හොඳම වරාය වෙනවා…! – ලංසා…

January 25, 2021 at 8:00 am | by emanisa.lk

කවුරු විරුද්ධ වුවත් කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ආයෝජන ව්‍යාපෘතිය ඉන්දියාවට සහ ජපානයට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

ඩොලර්වලට කෑ ගසන එක එක සංවිධානවලට බිය නැති බවත් හැංගි හොරා නොව එය කෙළින්ම කියන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අද කොළඹ වරාය ලොව හොඳ ම වරාය අතර 25 වැනි තැන නම් නැඟෙනහිර ජැටියේ ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ විට එය 13 වැනි ස්ථානය දක්වා පැමිණෙන බව ද ඔහු සඳහන් කරයි.

ඉන්දියාවට පමණක් නොව ඇමරිකාව හෝ චීනය සමඟ වුව ආයෝජන ව්‍යාපෘති අරඹන බවත් එක එකා බිරුවත් තීන්දු ගැනීම නතර නොකරන බවත් රාජ්‍ය ඇමැති ලංසා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස