එක්ස්ප්‍රස් පර්ල් ලංකාවට එද්දි ගිනි අරන් ඉවරයි…! මමත් දැක්කේ පත්තරෙන්…! – කාදිනල් හිමි…

June 2, 2021 at 5:07 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගිනි ගනිමින් තිබූ බව දවස් කිහිපයකට පසු පුවත්පත්වල දුටු බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

ඒ අවස්ථාවේ නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකළ ආණ්ඩුව ලංකා මුහුදු තීරයත් ධීවර සම්පතත් විනාශ වීමට ඉඩදුන් බවට චෝදනා කරයි.

මේ වන විට නැව වතුර කාන්දුවක් නිසා ගිලෙමින් පවතින බවටත් එහි තෙල් කාන්දු වුවහොත් මුළු මුහුදු කලාපය ම විනාශ වනු ඇති බවටත් කාදිනල් හිමි අනතුරු අඟවයි.

ඒ විනාශය සිදුවන්නට ඉඩදිය නොහැකි බවත් ධීවර සංගම් සමඟ එක්ව නැවට එරෙහිව නඩු දමන බවත් එහිමියෝ වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *