එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වළක්වන්න ඩොලර් මිලියන 250ක පගාවක්…!

April 24, 2023 at 1:24 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් අපරාධකරු වහා රටට හෙළි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් නැති බව කී විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

ඒ නිසා ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට අභියෝග කරන බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස