එක්සත් ජාතීන් හමුදා කඳවුරු පරික්ෂාවට එයි! හමුදාව එරෙහි වෙද්දි ආණ්ඩුව එම ඉල්ලීම් ඉටු කරන විකල්ප සොයයි!

April 7, 2019 at 7:56 am | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කෘරත්වය හා වදහිංසා පිළිබඳ නිරීක්ෂණ කමිටු සාමාජිකයන් මෙරට ආරක්ෂක කඳවුරු ගණනාවක් නිරීක්ෂණයට අවසර ඉල්ලා ඇත. විශේෂයෙන් උතුරේ දැනට පවත්වාගෙන යන රැඳවුම් කඳවුරු 4ක් නිරීක්ෂණයට අවශ්‍ය බව ඔවුන් රජයට දන්වා තිබුණි.

එ‍හෙත් යුද හමුදාව හා නාවික හමුදාව විසින් පවත්වා ගෙන යන මෙම කඳවුරු පරීක්ෂාවට ඉඩදීමට තමන් විරුද්ධ බව එකී හමුදාවල හමුදාපතිවරුන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් බව හමුදා ආරංචිමාර්ග කියයි.

එනිසා විශේෂිත හේතු මත සිද්ධියෙන් සිද්ධිය වෙනම ගෙන එ.ජා. කමිටුවේ ඉල්ලීම ඉටුකළ හැකිද යන්න ගැන තීන්දු ගැනීමට රජය තීරණය කර ඇත.

කෘරත්වය හා වදහිංසා පිළිබඳ විශේෂඥයකු බව කියන ආර්මෙන් ඇවස්ටියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නිරීක්ෂණ කමිටුව ලංකාවට පැමිණ ඇත්තේ රජය සමඟ අත්සන් කළ ගිවිසුමක් අනුව බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස