එක්නැලිගොඩ මැරුවේ පාඨලී! ශානි – රංජන් හඬපටයකින් තහවුරුයි! – අජිත් ප්‍රසන්න

January 12, 2020 at 2:31 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ රහස් පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ ශානි අබේසේකර අතර සිදු වූ දුරකථන සංවාදයකින් ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙළිවී ඇති බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි.

එක්නැලිගොඩ අතුරුදහන් වූ දිනයේදීම දයා රත්නායක නම් පුද්ගලයකු අතුරුදහන් වූ බවත් එය සිදු කර ඇත්තේ එකම කණ්ඩායමකින් බවත් ශානි අබේසේකර විසින් රන්ජන් රාමනායකට එම හඬපටයේදී සඳහන් කරයි.

දයා රත්නායක යනු චම්පික රණවකගේ ළඟම හිතවතෙක් බවත් ඔහු රණවගේ පුද්ගලික ජීවිතයේ සියලු දේ දන්නා පුද්ගලයෙක් බවද අජිත් ප‍්‍රසන්න පැවසීය.

දයා රත්නායකගේ මිනීමරුවාද චම්පික රණවක යැයි චෝදනා කල අජිත් ප‍්‍රසන්න ප්‍රදීප් එක්නැලිගොඩ හා දයා රත්නායක යන දෙදෙනාගේම මිනීමරුවා චම්පික රණවක යයි බිය නැතුව පවසන්නේද කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස