එකවර රට වසා දැමීම නිසා විශාල ජාතික ධනයක් විනාශ වුණා…! ගොවියාට වගේ ම පාරිභෝගිකයාටත් දැඩි අසාධාරණයක් වුණා….! – ජවිපෙ…

August 24, 2021 at 11:42 am | by emanisa.lk

කිසිදු පෙර සූදානමකට ඉඩ නොතබා රට වසා දැමීම නිසා ඉදිරියේ දී විශාල එළවළු හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසයි.

කිලෝ දහස් ගණනින් එළවළු පළතුරු ඉවත දමමින් මේ විනාශ කරන්නේ රටේ ජාතික ධනය බවට ඔහු චෝදනා කරයි.

එකවර රට වසා දැමීම නිසා එළවළු ගොවියාට මෙන් ම පාරිභෝගිකයාට ද විශාල අසාධාරණයක් වූ බව නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

රට වසා දමන බව දින 02කට පෙරවත් සඳහන් කළේ නම් මෙවැනි විනාශයක් සිදු නොවන බව ද ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *