එකම පවුලේ 5කට කොරෝනා! මාස 4ක බිළිඳෙකුත් ඒ අතර!

March 31, 2020 at 7:17 am | by emanisa.lk

හලාවත නාත්තන්ඩිය ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ අතර මාස 04 ළදරුවකු ද සිටින බව ඇමතිනිය වැඩි දුරටත් අනාවරණය කරයි.

මේ තත්ත්වයට හේතුව රජය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්ලබා දෙන උපදෙස් නොපිළිපැදීම බවත් විදෙස්ගතව සිට හෝ කොරෝනා ආසාදිතයකුට නිරාවරණය වීම නිසා නිවසේ සිට නිරෝධායනය වන්නේ නම් එහි වාසය කරන වැඩිහිටියන් දරුවන් ඇතුළු සැමගෙන් වෙන්ව ක⁣ටයුතු කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස