එකට ඉඳලා දිනන්න බැරි එජාපයට දෙකට කැඩිලා දිනන්න පුළුවන්ද?

July 23, 2020 at 3:16 pm | by emanisa.lk

මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

රනිල් පිල සහ සජිත් පිල ලෙස දෙකට බෙදුණු පිරිස දැන් ගහගන්නා බව පෙන්වා දෙන අගමැතිවරයා එකට සිට ජයග්‍රහණය කළ නොහැකි එජාපය දෙකට බෙදී ජයග්‍රහණය කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

පොදුජන පෙරමුණට මහ මැතිවරණ ජයග්‍රහණය ස්ථිර බවත් තමන් තරඟ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගෙන් ද 2/3ක බහුතරයක් දිනාගැනීම සඳහා බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස