එංගලන්ත කසළ සහ මළ සිරුරු කොටස් ශ්‍රී ලංකාවට යැවීම අභිරහසක්! ලේබර් පක්ෂ මන්ත්‍රිනිය පරීක්ෂණයක් ඉල්ලයි!

August 7, 2019 at 5:19 pm | by emanisa.lk

ස්කොට්ලන්තයේ රෝහල්වලින් ඉවත දමන සිරුරු කොටස් ශ්‍රී ලංකාවට යැවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලේබර් පක්ෂ මන්ත්‍රිනී මොනිකා ලෙනන් සෞඛ්‍ය ලේකම්වරිය වූ ජින් ප්‍රිමන්ගෙන් ඉල්ලා ඇත.

ස්කොට්ලන්ත රෝහලින් ඉවත දමන ද්‍රව්‍ය ගෙන යෑමේ කොන්ත‍්‍රාත්තුව භාරව සිටි එච්. ඊ. එස්. සමාගම එම කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් වී තිබේ. මෙම සිද්ධියෙන් පසු ස්කොට්ලන්ත රෝහල්වල සිරුරු කොටස් ඇතුරුදන් වී ඇත.

ලේබර් පක්ෂ මන්ත්‍රිනී මෙම තොරතුරු හෙළි කරන තුරු ශ්‍රී ලංකා රජයට ඒ ගැන වාර්තා වී නැත. ස්කොට්ලන්තයේ සිට අපද්‍රව්‍ය රැගත් කන්ටේනර් 100 ක් කොළඹ වරායට පැමිණ ඇති බව ඇය තවදුරටත් හෙළි කර ඇත.

ස්කොට්ලන්ත රෝහල්වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීම එච්. ඊ. එස්. සමාගම ප‍්‍රතික්ෂේප කිරීම නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර බ‍්‍රැඞ්බි නමැති ස්පාඤ්ඤ සමාගම ස්කොට්ලන්ත රෝහල්වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇතත් එම අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීම අභිරහසක් වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස