ඌවේ මහ ඇමති කෙහෙල් ගහට කොටා ඇන ගනී! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමාව ගනී! (video)

April 7, 2019 at 8:59 am | by admin

දෙමෝදර රෝහල මැදින් ඉදිකිරීමට යෝජිත මාර්ගයක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් අමරසූරිය බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියට බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහ ඇමතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. මේ සමග දින තුනක් තිස්සේ පැවති ඌව පළාත් වෛද්‍ය වර්ජනය අවසන් කෙරිණි. මීට පෙර මහ ඇමතිවරයා පවසා තිබුණේ තමා කිසිසේත් අදාළ සිද්ධියට සම්බන්ධව සමාව නොගන්නා බවය.

ඌව පළාත් මහ ඇමතිවරයා බදුල්ලේ දෙමළ විද්‍යාලයක විදුහල්පතිනියට බැණ වැදීමේ සිද්ධියක් මීට පෙර වාර්තා වූ අතර ඒ අවස්ථාවේ ද මහ ඇමතිවරයාට කිසිදු දඬුවමක් නොලැබුණි. ඌව පළාතට දෙමළ අධ්‍යාපන අමාත්‍යංශයක් නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ වන විට ද අධ්‍යාපන ඇමති ලෙස මහ ඇමති චාමර සම්පත් අමරසූරිය වැඩ කරන අතර දෙමළ අධ්‍යාපන ඇමති ලෙස සෙන්දිල් තොණ්ඩමාන් කටයුතු කරයි. දෙමළ පාසල්වලින් දෙමළ බැරි සිංහල ගුරුවරු ඉවත් කිරීමට කටයුතු කරන්නෙ ඔහුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *