උසාවි වාරණයක් ආවොත් ජනාධිපතිවරණය කල් යනවා..! මැතිවරණ කොමිසම් සභාව…

July 7, 2024 at 1:02 pm | by emanisa.lk

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

විශේෂයෙන් ම ජුලි 17න් පසු මැතිවරණයට අවශ්‍ය නාම යෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය මැතිවරණ කොමිසමට ලැබෙන අතර එකී නිවේදනය නිකුත් කරන දින 16-21ත් අතර දිනයක නාම යෝජනා කැඳවනු ලබයි.

නාම යෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාල සීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉහත කී පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරණය පැවැත්වීම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *