උසස් පෙළට මාස 5යි! ගුරු අත්පොත් තාම නෑ! පාසල් නඩු කියයි!

February 24, 2019 at 4:13 pm | by admin

2019 අගෝස්තු මස පැවැත්වෙන අධ්‍යාපන උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය නිර්දේශයට අදාළ ගුරු අත්පොත් තවම ලැබී නොමැත. මෙතෙක් ජීව විද්‍යා විෂයට අදාළ ගුරු අත්පොත් ලබා දී ඇත්තේ පාඩම් 10න් 7කට පමණක් වන අතර එය ද ඉංග්‍රීසි බසිනි. විභාගය සඳහා තවත් ඉතිරි වී ඇත්තේ මාස 5ක් පමණි.

මෙය සිංහල මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් හදාරන ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට සිදු කරන බලවත් අසාධාරණයකි. කොතෙක් ඉල්ලීම් කළ ද ප්‍රතිඵලයක් නොමැති නිසා පාසල් සංවර්ධන සමිති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානම් වෙයි.

මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලිං පවසන්නේ ගුරු අත්පොත් පමණක් නොව පාසල් පෙළ පොත් ද නියමිත ලෙස නොලැබුණු බවය. 2019 වසරට අදාළ පෙළපොත් 2018 නොවැම්බර් 30 වෙනිදා වන විට පාසල්වලට ලැබිය යුතු වුව ද එය ඒ ආකාරයට සිදුව නොමැත.

කෙසේ වුවද පෞද්ගලික පාසල් 400ක් සඳහා රජයෙන් මුදලින් රු. ලක්ෂ 1600ක් ලබා දීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *