උවදුරින් රට රකින්න සූදානම්…..පරීක්ෂණ වැඩි කරන්න! සියලු තොරතුරු රටට දෙන්න! -ජනතිගෙන් උපදෙස්….

July 14, 2020 at 8:27 pm | by emanisa.lk

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිර යාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුම්වත් කරන ලෙස නිලධාරීන්ට දන්වා සිටියා.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බවත් එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබූ බව පැවසූ එතුමා නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබුණු අවස්ථාවක එය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව බවද අවධාරණය කර සිටයේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස