උලමා සභාපති අයිසිස්කාරයෝ ගැන මා දැනුම්වත් කර නෑ! නීතිමය පියවර ගැනීමට පෙර ප්‍රකාශ ඉල්ලා අස්කර ගනු! – රාජ්‍ය ආරක්ෂක ඇමති

May 7, 2019 at 4:35 pm | by admin

පාස්කු ප්‍රහාර මාලාවට පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික නායක හමුවේ දී ජමීයතුල් උලමා සංගමයේ සභාපති අෂ්-ෂේයික් රිස්වී මුෆ්ති මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එන්.කේ.ජී.කේ. නම්මවත්ත මහතා විසින් ඔහු වෙත ලිපියක් යොමු කර තිබේ.

අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ ශ්‍රී ලංකිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව තම සංගමය විසින් ආරක්ෂක අමාත්‍යවරයා 2015 වසරේ දී දැනුම්වත් කළ බව උලමා සභාපතිවරයා පැවසීය. එහෙත් තමාට එවැනි කිසිදු ලියවිල්ලක් ලබා නොදුන් බවත් එහෙයින් තමා කළ සාවද්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙසත් එසේ නොකලහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඔහු එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන උලමා සභාපතිවරයා විසින් දැනුම්වත් නොකළේ නම් ඔහු දැනුම්වත් කළ යුත්තේ ආරක්ෂක අමාත්‍ය ධුරය හොවන ජනාධිපතිවරයාය. එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳ දැනගත්තේ සිංගප්පූරුවේ චාරිකාවක යෙදී සිටින අතරතුර ෆේස්බුක් එකේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *