උඹ අපේ නායකයින්ට විරුද්ධව සාක්ෂි දුන්නා…. පාවා දුන්නා….! පාස්කු කොමිසමේ සාක්ෂිකරුට වටකර යකඩ පොලුවලින් පහර දෙති…

February 9, 2021 at 3:25 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ්ට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබේ.

පහර කෑමට ලක්වූ රිෂාම් මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර දඹුල්ල රෝහල් පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.

තමාට පහර දුන් පිරිස හඳුනාගත් බවත්, ඔවුන් පුබ්බෝගම හා අවට පදිංචිකරුවන් බවත්, 15 දෙනෙකු පමණ වට වී තමන්ට එහිදී යකඩ පොලුවලින් පහර දුන් බවත් තුවාලකරු අනාවරණය කර තිබේ.

ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට එරෙහි වී ඇති බව පවසමින් ඔවුන් තමන්ට පහරදුන් බව රිෂාම් මරූෂ් වැඩි දුරටත් පවසා තිබේ.

මේ වනවිට ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති අතර පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස