උමා ඔය හිල වගේ නෙමේ මොරගහකන්ද පිපිරුවොත් රට මැද සුනාමියක්! – ජවිපෙ

January 3, 2020 at 12:33 pm | by emanisa.lk

ජල කාන්දුවක් සිදුවන මොරගහකන්ද ජලාශ වේල්ල පුපුරා ගියහොත් රට මැද සුනාමියක් නිර්මාණය වනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසයි.

එම ජලාශ වේල්ලේ සිරස් අතට අඩි 30-40ක පමණ පැල්මක් ඇති බවත් එමගින් වේගයෙන් ජලය පිටවන බවත් පෙන්වා දෙන නාමල් කරුණාරත්න එම පැල්මට ඉහළින් ද වේල්ල අඩි 150ක් පමණ උසට විහිදී අති බවත් සඳහන් කරයි.

පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක ජල ධාරිතාවක් දරා සිටින මෙම ජලාශ වේල්ල පුපුරා ගියහොත් රට මැද සුනාමියක් නිර්මාණය වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

විශේෂඥ උපදෙස් නොසලකා කඩි කුලප්පුවට ප්‍රමිතියෙන් තොරව මෙම ජලාශය ඉදිකර ඇති බවට ද හෙතෙම චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *