උපාධිධාරීන්ට පත්වීමි දුන්නේ මැතිවරණය ප්‍රකාශයට කලින්! මැතිවරණය ප්‍රකාශ වෙද්දි 99%ක් වැඩ භාරගෙන! පුහුණුව නතර කළොත් ගෙදර තියලා පඩි දෙනවා! – මහින්ද

March 7, 2020 at 2:03 pm | by emanisa.lk

දැනට පත්වීම් ලිපි යවා තිබෙන උපාධිධාරීන්ගේ පුහුණුව නතර කලඩ භාරගෙන! හොත් ඔවුන්ව නිවෙස්වල තබාගෙන හෝ පඩි ගෙවන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ මෙම නිවේදනය මඟින් සිදු වන්නේ පුහුණුවක් ලබා ගැනීමට රාජ්‍ය සේවකයින්ට තිබූ අවස්ථාව මඟ හැරී යාම බවයි.

එසේ වුවහොත් ඔවුන්ව නිවසේ තබාගෙන හෝ වැටුප් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම උපාධිධාරීන්ට පත්වීම් ලිපි යවා තිබෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර බවත් ,මේ වන විට ඉන් 99% ක්ම වැඩ භාරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස