උපාධිධාරීන්ගේ පුහුණුව නවතා බොරදියේ මාළු බාන්න බැරිවෙයි! උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටවූවත් මාසික දීමනාව ගෙවයි!

March 5, 2020 at 4:54 pm | by emanisa.lk

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවා ගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ද එම බඳවාගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් 20,000 ක මාසික දීමනාව ලබාදීම මෙම මාසයේ සිට සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහුණු කාලය අවහිර කිරීමේ අර්ථයක් තිබේද යන්න කල්පනා කර බලා මැතිවරණ කොමිසමේ විද්වතුන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත්වීම් ලිපි තැපැල් කර තිබිණි.

පුහුණු කාලයේදී ගෙවීමට පොරොන්දු වී ඇති පරිදි අයකුට රුපියල් 20,000 ක් බැගින් උපාධිධාරීන් 50,000 ක් දෙනාගේ වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක මුදලක් අවශ්‍ය වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස