උපකාරක පන්ති, පෞද්ගලික පාසල් සහ පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා අලුතින් බදු…!

July 9, 2024 at 12:02 pm | by emanisa.lk

තවත් ක්ෂේත්‍ර 14ක් ඔස්සේ අලුතින් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ ක්ෂේත්‍ර මෙතෙක් බදු අයකර ගැනීම සඳහා අවධානයට ලක් නොවූ ක්ෂේත්‍ර බවත්, මේවා ගැන මෙසේ අලුතින් අවධානය යොමුකර බදු අයකරන බවත් ඇමතිවරයා කියයි.

මහ පරිමාණ උපකාරක පන්ති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවා, ඉංජිනේරු සේවාවන් සහ මිනින්දෝරු සේවා ඇතුළු අංශ 14ක් මීට ඇතුළත් බව ද මේ අයගේ ආදායම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් කරගෙන යන බව ද ඇමැති සියඹලාපිටිය තවදුරටත් කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *