උදේ සජබෙට ගිය 06න් 03ක් හවස ආපසු එයි…!

November 15, 2022 at 9:38 am | by emanisa.lk

සමගි ජනබලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් බවත් ඊට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආශීර්වාදය හිමි බවත්ය.

කෙසේ වුවද පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ප්‍රියංකර ජයරත්න එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *