අද (26) ජනාධිපති සමාව ලබා නිදහස් වන රන්ජන් රාමනායක විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර කටයුතු කර තිබේ.
“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරක් වන අතර විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබා දී ඇත.