උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා…! – නාමල්…

September 5, 2024 at 11:03 am | by emanisa.lk

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ.

අද අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තුළ ගෞරවය ආරක්ෂා කරන ගමන් ජනතා සේවාවන්වලට තාක්ෂණය පරිවර්ථනය කරලා, ඒ පරිවර්ථනය වන තාක්ෂණයත් එක්ක ජනතා සේවාවන් තවදුරටත් පහසුකරනවා වගේම රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවෙන්න ඕනේ.

මැතිවරණ වේදිකාවේ එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු දෙන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සුදානම් නෑ. උද්ධමනයට අනුපාතිකව දේශපාලිනක මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවක පඩි වැඩිකරනවා.

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරන්න නම් දේශපාලන මැදිහත්වීමක් ඕනේ. රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා වු වැඩපිළිවෙළ අපි සතුයි.”

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *