ගුරු වර්ජන උද්ඝෝෂණ මැද බදුල්ලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතව මරුට….!

August 6, 2021 at 1:36 pm | by emanisa.lk

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මිය ගිය පාසල් ගුරුවරියක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසන්නේ එම කොවිඩ් ආසාදිත ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05) රෝහලට රැගෙන ආ බවය.

ඇය රෝහල්ගත කර කෙටි වේලාවකින් ජීවිතක්ෂයට පත්වූ බව ද වෛද්‍යවරයා පවසයි. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවය කළ ගුරුවරියකි. කේ. ශාන්ති මලර් නමැති 49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මෙම ගුරුවරියගේ පුත්‍රයාට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබී ඇති අතර ඔහුගෙන් ගුරුවරියට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ. ඇගේ පුත්‍රයා මේ වන විට සුවය ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස