උද්ඝෝෂණ නිසා රටම කොවිඩ් අවදානමේ….! උද්ඝෝෂණ පාලනයට පොලිසිය බලය දෙනවා…! – PHI සංගමය…

July 29, 2021 at 8:37 pm | by emanisa.lk

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා රට පුරා උද්ඝෝෂණ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී පොලිසියට නියෝග ලබා දෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

උද්ඝෝෂණයක් හෝ අයුතු ජනරාශියක් සඳහා නීතිමය කටයුතු කිරීම සඳහා පොලිසිය නිර්දේශ ඉල්ලුවහොත් ඒ සඳහා තමන් නිර්දේශ ලබා දෙන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

මේ වන විට දෛනික ආසාදිතයින් ප්‍රමාණය මෙන් ම මරණ ප්‍රමාණය ද ඉහළ යාමට පටන් ගෙන ඇති බවත් මෙම තත්ත්වය පාලනය කරනොගතහොත් පසුගිය මැයි මාසයේ දී වැනි තත්ත්වයක් නැවත උද්ගත වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *