උද්ඝෝෂකයින් නිරෝධායනයට යොමු කළේ පොලිසිය නෙමෙයි…! සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ ලිඛිත උපදෙස් මතයි…!

July 13, 2021 at 8:02 am | by emanisa.lk

පොලිසිය උද්ඝෝෂකයින් නිරෝධායනයට යොමු කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මිසක් පොලිසියේ වුවමනාවට නොවේ යැයි මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ ලිඛිත ඉල්ලීම මත පසුගිය උද්ඝෝෂණයන්ට සහභාගී වූ පිරිස නිරෝධායන පනත යටතේ නිරෝධායනයට යොමු කළ බව ඇමැතිවරයා අවධාරණය කළේ ය.

“අපි එම සිදුවීම වූ දින උදේ සිට විවිධ අන්දමින් සන්නිවේදනය කළා උද්ඝෝෂණ කළොත් රටේ නීතිය අනුව අත්අඩංගුවට ගන්නවා කියලා.

ඒක අහන්නේ නැතිව නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණය කළ නිසා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ඔවුන්ව අත්අඩංගුවට ගත්තා.”

ඊයේ (12) කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස