උතුර සිංහලයාට අනාරක්ෂිත කලාපයක් වෙයි! ගුරුකන්ද විහාර භාරකරුට ප්‍රහාරයක්! පහර දෙතැයි බියෙන් බියෙන් පන්සලේ කොටුවෙයි!

November 2, 2019 at 9:43 pm | by emanisa.lk

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තරුණයාට ඊයේ (01) විහාරයට පැමිණි පුද්ගලයකු පහර දී තිබේ.

කැළුම් බණ්ඩාර නම් එම තරුණයා පවසා ඇත්තේ විහාර භූමියේ ඇති කෝවිලේ පුජාවක් සඳහා පැමිණි කණ්ඩායමක තරු‍ණයෙකු එලෙස පහරදුන් බවය.

අදාළ පිරිස පහරදීම සම්බන්ධයෙන් පැමිණිළි කිරීමට මුලතිව් පොලිසිය දක්වා තනිව ගමන් කිරීමට නොහැකි නිසා සිද්ධිය මෙතෙක් පොලිසියට පැමිණිලි කර නොමැත.

මීට පෙර උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි. රවිහරන් ඇතුළු පිරිසක්ද මෙම තරුණයාට තර්ජනය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස